සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:49

فَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ ۚ بَلْ هِيَ فِتْنَةٌ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසු ව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන්ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත එය පරීක්ෂණයකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.

තෆ්සීර්

දෙවියන් ප්රතික්ෂේප කරන මිනිසාට යම් රෝගයක් හෝ දරිද්රතාවක් හෝ එවැනි යම් විපතක් ඇති වූ විට ඔහුට අත් වූ එම විපත ඉවත් කරන මෙන් ඔහු අපගෙන් ප්රාර්ථනා කර සිටි. පසු ව ඔහුට සුවය හෝ ධනයෙහි යම් ආශිර්වාදයක් අප පිරිනැමූ විට දේව ප්රතික්ෂේපකයා, ‘සැබවින්ම අල්ලාහ් මට එය ලබා දී ඇත්තේ මම උරුම කර ගත් දැනුම වන බැවිණි' යැයි පවසයු. නිවැරදි කරුණ වනුයේ සැබවින් ඔහු පරීක්ෂාවට ලක් වී ඇත. පොළඹවනු ලැබ ඇත. නමුත් දේව ප්රතික්ෂේපකයින් බහුතරයක් දෙනා ඒ ගැන නොහඳුනිති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදයන් ගැන ඔවුහු රැවටී සිටිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න