සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:32

۞ فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ

අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්‍යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? (දෙවියන් කෙරෙහි විශ්වාසය) ප්‍රතික්ෂේප කළවුනට නිරයේ නවාතැනක් නොවේ ද?

තෆ්සීර්

අල්ලාහ්ට හවුල්කරුවෙක් බිරියක් හා දරුවෙක් සිටින බව පවසා ඔහුට සුදුසු නොවන දෙයක් ඔහු වෙත ආරෝපණය කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. එමෙන්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එම දිව්ය පණිවිඩ බොරු කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් හා ලැඟුම් ගන්නා ස්ථානයක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න