සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:29
ضَرَبَ اللَّهُ مَثَلًا رَجُلًا فِيهِ شُرَكَاءُ مُتَشَاكِسُونَ وَرَجُلًا سَلَمًا لِرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
එකිනෙකා අතර ගැටුම් ඇති කරන්නා වූ හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එක් මිනිසෙකුට පමණක් යටහත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක්වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන ද? සියලු ප්රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
තෆ්සීර්
බහුදේවවාදියා හා ඒකදේවවාදියාට අල්ලාහ් උපමාවක් ගෙන හැර පෑවේය. එකිනෙකට පරස්පර හවුල්කාර දෙපාර්ශවයකට වහල් වූ මිනිසෙකි. ඔහු ඔවුන්ගෙන් පිරිසක් පිළිගත් විට තවත් පිරිසකට කෝපය ඇති කරනු ඇත. එහෙයින් ඔහු සිටිනුයේ කුතුහලයෙහි හා කලබලකාරී තත්ත්වයකය. අනෙකා තමන්ට පමණක් පාලනය සතු පුද්ගලයකුට අවංක වූ මිනිසෙකි. ඔහු සාමයෙන් හා තැන්පත් කමින් සිටින බැවින් ඔහුගේ අපේක්ෂාවන් ගැන ඔහු දනී. මෙම මිනිසුන් දෙදෙනා එක සමාන වන්නේ නැත. සියලු ප්රශංසා අල්ලාහ් සතුය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එහෙයින් ඔවුහු අල්ලාහ් සමග ඔහු හැර වෙනත් අය ව ද හවුලේ තබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න