සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:82
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
නියත වශයෙන්ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් සිතූ විට එයට ‘වනු’ යැයි පැවසීමය. එවිට එය සිදුවනු ඇත.
තෆ්සීර්
නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ කරුණ නම් සැබැවින්ම ඔහු යමක් ඇති කිරීමට සිතූ විට එයට ‘කුන්’ -වනු- යැයි පැවසීම පමණි. එවිට ඔහු අභිමත කරන එම කරුණ සිදුවනු ඇත. ජීවය ලබා දීම, මරණයට පත් කිරීම යළි නැගිටුවීම හා ඒ හැර වෙනත් දෑ ද ඔහු අපේක්ෂා කරන දෑ අතරින් වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න