සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:67
وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නොදරති. තවද ඔවුහු නැවත හැරී නොයති.
තෆ්සීර්
ඔවුන්ගේ ස්වරූපය වෙනස් කිරීමට හා ඔවුන්ගේ පාද මත ම ඔවුන් වැතිර සිටින්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්වරූපය වෙනස් කොට ඔවුන්ගේ පාද මත ඔවුන් වැතිරෙන්නට අපි සලස්වමු. එවිට ඔවුන්ගේ ස්ථානය වෙත යෑමට ඔවුනට නොහැකි වනු ඇත. එමෙන්ම ඔවුන් ඉදිරියට යෑමට හෝ පසුපසට හැරී ඒමට හෝ අපොහොසත් වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න