සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:60
۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
ආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නොකරන්නැයි මම නුඹලා වෙතින් ප්රතිඥාවක් නොගත්තෙම් ද? නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්රකට සතුරෙකි.
තෆ්සීර්
මාගේ දූතවරුන්ගේ දිවවල් වලින් නුඹලාට මම උපදෙස් නොදුන්නෙම් ද? නුඹලාට නියෝග නොකළෙම් ද? ‘ආදම්ගේ දරුවනි! නන් අයුරින් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත වෙමින් ෂෙයිතාන්ට නුඹලා අවනත නොවනු. සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සතුරුකම පැහැදිලි වූ සතුරෙකි. තම සතුරුකම හෙළිදක්වන තම සතුරාව, බුද්ධිමතෙක් විසින් අනුගමනය කළ හැක්කේ කෙසේ ද? යැයි මම නුඹලාට නොපැවසුවෙම් ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න