සූරා 36 · ජුස් 23

Ya-Sin · 36:54

فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ

අද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලාට ප්‍රතිඵල පිරිනමනු නොලබන්නෙහුය.

තෆ්සීර්

එදින තීන්දුව යුක්ති ධර්මය අනුව පිහිටනු ඇත. අහෝ ගැත්තනි! නුඹලාගේ පාපකම් වැඩි කරමින් හෝ නුඹලාගේ යහකම් අඩු කරමින් හෝ කිසිවකින් හෝ නුඹලාට අසාධාරණකම් සිදු නොවනු ඇත. නුඹලාට ප්රතිඵල පිරිනමනු ලබනුයේ මෙලොව ජීවිතයේ නුඹලා සිදුකරමින් ආ දෑ සඳහා පමණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න