සූරා 36 · ජුස් 23

Ya-Sin · 36:45

وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉදිරියේ ඇති දෑ හා නුඹලාට පසුපසින් ඇති දැයින් ආරක්ෂා වනු යැයි ඔවුනට කියනු ලැබූ විට (ඔවුහු නොසැලකිලිමත් වූහ.)

තෆ්සීර්

දේව විශ්වාසය ප්රතික්ෂේප කළ මෙම ආදේශකයින්හට මෙසේ පවසන ලදී. ‘අල්ලාහ්ගේ කරුණාව ඔහු නුඹලාට පිරිනැමීමේ දැහැමි බලාපොරොත්තුවෙන් මතු ලොව කටයුතු අතරින් නුඹලා ඉදිරිපත් කරන දෑ ගැන හා එහි ඇති දරුණුකම ගැන ප්රවේසම් වනු. එමෙන්ම පසු කර එන මෙලොව ගැන ද ප්රවේසම් වනු.’ ඔවුහු ඒ සඳහා අවනත නොවූවෝය. ඒ ගැන සැලකිලිමත් නොවී, ඔවුහු එය ප්රතික්ෂේප කළෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න