සූරා 36 · ජුස් 23

Ya-Sin · 36:40

لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්‍යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති.

තෆ්සීර්

හිරු, සඳු ,රාත්රිය, දහවල යනාදියෙහි සළකුණු අල්ලාහ්ගේ තක්සේරු කිරීම් අනුව ඒවා ප්රමාණ කොට ඇත. ඔහු ඒවාට තක්සේරු කළ දෑ ඉක්මවා යන්නේ නැත. හිරුගේ ගමන් මග වෙනස් කරමින්, එහි ආලෝකය ඉවත් කරමින්, සඳු සමග එයට එක්විය නොහැක. එමෙන්ම දහවල අබිබවා ගොස් එහි නියමිත වේලාව අවසන් වීමට පෙර රාත්රියට ඒ තුළ පිවිසීමට නොහැක. ග්රහලෝක මෙන්ම මන්දාකිණි ඇතුළු වසග කරන ලද සියලු මැවීම් සඳහා අල්ලාහ් විසින් තක්සේරු කරන ලද, ඔහු විසින් ආරක්ෂා කරන ලද ඒවාටම නියම වූ ගමන් මාර්ග පත ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න