සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:38
وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
තවද හිරු, එයට නියමිත ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. එය සර්වඥානී සර්ව බලධාරියාගේ සැලසුමකි.
තෆ්සීර්
අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සළකුණක් වනුයේ නියමිත ස්ථානයක් වෙත ගමන් කරමින් සිටින මෙම සූර්යයාය. අල්ලාහ් එහි ප්රමාණය දනී. එය අබිබවා එයට යා නොහැක. එම ප්රමාණය තක්සේරු කිරීම කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ගේ තක්සේරුවකි. ඔහු වනාහි තම මැවීම් අතරින් කිසිදු කරුණක් තමන්ට සැඟවී නොයන මහත් ඥානීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න