සූරා 36 · ජුස් 23

Ya-Sin · 36:33

وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ

මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්‍රාණවත් කළෙමු. පසු ව අපි එයින් ධාන්‍ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති.

තෆ්සීර්

සැබැවින්ම යළි අවදි කරනු ලැබීම බොරු කරන්නන්හට සැබැවින්ම යළි අවදි කිරීම සැබෑවක් ලෙස පෙන්වා දෙන සළකුණක් වනුයේ, වියළී වඳ වී ගිය භූමියයි. අපි ඒ මත අහසින් වර්ෂාව පහළ කළෙමු. පසු ව එහි විවිධ පැලෑටි වර්ග අපි හටගැන්වීමු. මිනිසුන් අනුභව කරනු පිණිස විවිධ වර්ගයේ ධාන්යය එහි අපි මතු කරන්නෙමු. වර්ෂාව පහළ කර, පැලෑටි හට ගැන්වීම තුළින් මෙම භූමිය ජීවමාන කරන්නා, මියගියවුන්ට යළි ජීවය දීමටත් ඔවුන් නැවත නැගිටුවීමටත් බලය ඇත්තාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න