සූරා 36 · ජුස් 22
Ya-Sin · 36:23
أَأَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونِ
“මා ඔහුගෙන් තොර ව වෙනත් දෙවිවරුන් ගන්නෙම් ද? මහාකරුණාන්විතයාණෝ යම් හානියක් මට සිතුවේ නම් ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් මට ප්රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු මා මුදවා නොගනිති.”
තෆ්සීර්
"මා මැවූ අල්ලාහ් හැර කිසිදු යුක්ති ධර්මතාවකින් තොර ව නැමදුම් ලබන වෙනත් දෙවිවරුන් මා ගන්නෙම් ද? කරුණාන්විතයාණන් යම් නපුරක් මා වෙත අභිමත කරන්නේ නම් ඒ සඳහා මා වෙනුවෙන් මැදිහත් වීමට එම දෙවිවරුන්ට නොහැකිය. මට සෙතක් හෝ හානියක් කිරීමට ඔවුනට නුපුළුවන. දේව ප්රතික්ෂේපය මත මා මිය ගියේ නම් අල්ලාහ් මට අභිමත කළ නපුරෙන් මා ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න