සූරා 36 · ජුස් 22
Ya-Sin · 36:18
قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِنْ لَمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ
“නුඹලා හේතුවෙන් අප අසුබ තත්ත්වයට පත් ව ඇත්තෙමු. නුඹලා නොවැළකුණෙහු නම් අපි නුඹලා ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් නුඹලාට ඇති වනු ඇතැයි” ඔවුහු පැවසූහ.
තෆ්සීර්
ගම්වාසීහු දූතවරුන්හට, ‘නුඹලා නිසාවෙන් අප අසුභ තත්ත්වයට පත් ව ඇත්තෙමු. ඒක දේවත්වය වෙත අප ඇරයුම් කිරීමෙන් නුඹලා නොවැළකුණෙහු නම්, මිය යන තෙක්ම ගල් ගසා අපි නුඹලාට දඬුවම් කරන්නෙමු. වේදනීය දඬුවමක් අප නුඹලාට ලබා දෙන්නෙමු.’ යැයි පැවසුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න