සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:53

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَنْ يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَٰكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانْتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنْكُمْ ۖ وَاللَّهُ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمًا

අහෝ විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස් වලට ඇතුළු නොවනු. ඔහුගේ සංග්‍රහය බලාපොරොත්තු වන්නන් ලෙස නොසිටිය යුතුය. නමුත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නොවනු. නියත වශයෙන්ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්‍යය පිළිබඳ ව ලැජ්ජාවට පත් නොවෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත් වලට වඩාත් පිවිතුරුය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසු ව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට නොවීය. නියත වශයෙන්ම එය අල්ලාහ් අබියස අතිමහත් කරුණකි.

තෆ්සීර්

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! ආහාර සංග්රහයක් සඳහා නුඹලා ඇරයුම් කරනු ලැබීමෙන් පසු නබිවරයාගේ නිවෙස්වලට පිවිසීමට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා එහි නොපිවිසෙනු. ආහාර පිසන තෙක් බලාපොරොත්තුවෙන් දිගු වේලාවක් වාඩි වී නොසිටිනු. නමුත් ආහාර සංග්රයකට නුඹලා ඇරයුම් කරනු ලැබූ විට නුඹලා පිවිසෙනු. නුඹලා ආහාර අනුභව කළෙහු නම් ඉන් හැරී යනු. ඉන්පසු එකිනෙකා කතා කරමින් එක් ව එහි රැඳී නොසිටිනු. සැබැවින්ම එසේ රැඳී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපහසුතාවට පත් වන අතර හැරී යන මෙන් නුඹලාට පැවසීමට එතුමා ලැජ්ජා වනු ඇත. සත්යය නියෝග කිරීමට අල්ලාහ් ලැජ්ජා නොවන්නේය. එහෙයින් රැඳී සිටීමෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අපහසුතාවක් නොවන පරිදි නුඹලා ඔහුගෙන් හැරී යන මෙන් ඔහු නුඹලාට නියෝග කර ඇත. භාජනයක් හෝ එවැනි වෙනත් යම් අවශ්යතාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් නුඹලා පතන විට නුඹලාගේ අවශ්යතා ව තිරයකට පසුපසින් සිට පතනු. නුඹලාගේ දෑස්වලට ඔවුන් හසු නොවන පරිදි, ඔවුනට මුහුණ ලා ඒවා ඔවුන්ගෙන් ඉල්ලා නොසිටිනු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතු නිලය හේතුවෙන් එය ඔවුනට ආරක්ෂාවකි. තිරයක් පිටුපස සිට එසේ නුඹලා ඉල්ලා සිටීම නුඹලාගේ හදවත් හා ඔවුන්ගේ හදවත් තුළ කුකුස් හා පිළිකුල් සහගත දෑ අලංකාරවත් කිරීමට ෂෙයිතාන් මාර්ග පාදා ගත නොහැකි පරිදි නුඹලාගේ හදවත්වලටත් ඔවුන්ගේ හදවත්වලටත් වඩාත් පිවිතුරු වනු ඇත. අහෝ දේව විශ්වාසී ජනයිනි! කතා කිරීම සඳහා රැඳී සිටීමෙන් නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්ට අපහසුතාවක් ඇති කිරීම නුඹලාට සුදුසු නොවේ. එමෙන්ම නුඹලා එතුමාගේ මරණයෙන් පසු ව එතුමාගේ බිරියන් විවාහ නොකළ යුතුය. හේතුව ඔවුහු දේව විශ්වාසීන්ගේ මව්වරුන් වෙති. මවක් විවාහ වීම කිසිවකුට සුදුසු නැත. සැබැවින්ම එය වේදනා ගෙන දෙන්නකි. එතුමාගේ මරණයෙන් පසු එතුමාගේ බිරියන් නුඹලා විවාහ කර ගැනීම තහනම් ක්රියාවකි. අල්ලාහ් අබියස එය බරපතළ පාපයක් බවට සලකනු ලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න