සූරා 33 · ජුස් 21

Al-Ahzab · 33:5

ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّهِ ۚ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُمْ بِهِ وَلَٰكِنْ مَا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

ඔවුන්ගේ පියවරුන්ගේ වාසගමින් ඔවුන් අමතනු. එය අල්ලාහ් අබියස වඩාත් සාධාරණනීයය. එසේ ඔවුන්ගේ පියවරුන් නුඹලා නොදන්නෙහු නම්, එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයින් වෙති. තවද නුඹලාගේ මිත්‍රයෝ වෙති. කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද, එහි නුඹලා වෙත වරදක් නැත. නමුත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.

තෆ්සීර්

සැබැවින්ම නුඹලාගේ දරුවන් යැයි නුඹලා අවධාරණය කරන දරුවන් ඔවුන්ගේ සැබෑ පියවරුන්ගේ වාසගම සමග සම්බන්ධ කර අමතනු. එවිට ඔවුන් ඔවුන් සමග සම්බන්ධකම් පවත් වනු ඇත. එය අල්ලාහ් අබියස වූ යුක්ති ධර්මයකි. ඔවුනට ඔවුන්ගේ පියවරුන් සමග සම්බන්ධ කරන වාසගම් නුඹලා නොදන්නෙහු නම් ඔවුන් දහම තුළ නුඹලාගේ සහෝදරයින් වෙති. වහල්භාවයෙන් නිදහස් වූ නුඹලා අතර නිදහස් පුද්ගලයෝ වෙති. ‘මාගේ සහෝදරයා, මාගේ මහප්පාගේ සහෝදරයා’ වැනි ප්රකාශවලින් ඔවුන් ඇරයුම් කරනු. නුඹලා අතරින් කිසිවකුට වැරදී ඔහුගේ හිමිකම් පෑමට අයැදුම්කරුවෙකු ඉදිරිපත් කළහොත් ඔබ කෙරෙහි පාපයක් නැත. නමුත් ඒ ගැන උවමනාවෙන්ම කතා කරන අවස්ථාවේ නුඹලා පාපයින් බවට පත් වන්නෙහුය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවේ නිරත වන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් වරදට හසුකර නොගන්නා පරිදි ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න