සූරා 33 · ජුස් 21
Al-Ahzab · 33:1
يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
අහෝ නබිවරය! අල්ලාහ්ට ඔබ බැතිමත් වනු. තවද දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින්ට ඔබ අවනත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානී මහා ප්රඥාවන්ත විය.
තෆ්සීර්
අහෝ නබිවරය! නුඹ සහ නුඹ සමග සිටින්නන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කිරීමෙහි ස්ථාවර ව සිටිනු. ඔහුට පමණක් බිය වනු. දේව ප්රතික්ෂේපකයින්ගේ හා කුහකයින්ගේ ආශාවන් අතරට නුඹ යටත් නොවනු. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් සිදු කරන කුමන්ත්රණ පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් මැනවින් දාන්නාය. එමෙන්ම ඔහුගේ මැවීම් හා ඔහුගේ සැලසුම් කිරීම් හි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න