සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:9
ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِنْ رُوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ
පසු ව ඔහු එය හැඩ ගන්වා එහි තම ප්රාණයෙන් පිම්ඹේය. තවද නුඹලාට ශ්රවණය දෘෂ්ටිය හා හදවත් ඇති කළේය. නමුත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.
තෆ්සීර්
පසු ව ඔහු මිනිසාව නිසි අයුරින් සකසා පූර්ණවත් කළේය. ප්රාණය පිඹීම සඳහා භාර කරන ලද මලක්වරයාට කරන නියෝගයෙන් ඔහුගේ ප්රාණයෙන් එහි පිඹිනු ලැබීය. අහෝ මිනිසුනි! නුඹලා සවන් දෙනු පිණිස නුඹලාට ඔහු සවන් ඇති කළේය. නුඹලා බලනු පිණිස නුඹලාට දෘෂ්ටීන් ඇති කළේය. නුඹලා වටහා ගනු පිණිස නුඹලාට හදවත් ඇති කළේය. නුඹලා වෙත පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥ වනුයේ ස්වල්ප වශයෙනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න