සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:17
فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ
එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්රතිඵලයක් වශයෙන් ඇස් පිනවන ලෙසින් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ දෑ කිසිදු ආත්මයක් නොදනී.
තෆ්සීර්
අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති ඔවුන්ගේ ඇස් පිනවන දැකුම්කළු දෑ පිළිබඳ කිසිදු ආත්මයක් නොදනී. එය මෙලොවෙහි ඔවුන් සිදු කළ ක්රියාවන් සඳහා ඔවුනට ඔහුගෙන් පිරිනැමෙන තිළිණයක් වශයෙනි. එය අල්ලාහ්ගේ ශ්රේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට පමණක් ආවරණය වූ ප්රතිඵලයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න