සූරා 31 · ජුස් 21

Luqman · 31:34

إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ ۖ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක්දැයි කිසිදු ආත්මයක් නොදනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැයි කිසිදු ආත්මයක් නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය.

තෆ්සීර්

අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ සැබැවින්ම අල්ලාහ් වෙත පමණි. එය සිදු වනුයේ කවදාදැ?යි ඔහු දනී. එමෙන්ම ඔහු අභිමත කරන මොහොතක වර්ෂාව පහළ කරයි. ගර්භාෂවල ඇත්තේ පිරිමි දරුවන් ද ගැහැණු දරුවන් ද යන වගත් එය භාග්ය සම්පන්නද අභාග්ය සම්පන්න ද යන වගත් ඔහු පමණක් දනී. කෙනෙකු හෙට දින උපයන යහපත හෝ අයහපත පිළිබඳ නොදනී. එමෙන් කවර භූමියක මරණයට පත්වන්නේදැයි ද නොදනී. නමුත් ඒ සියල්ලම දන්නේ අල්ලාහ් පමණය. ඒ සියලු දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න