සූරා 31 · ජුස් 21
Luqman · 31:20
أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً ۗ وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නොදුටුවෙහුද? කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන දේව ග්රන්ථයකින් හෝ තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතුරින් වෙති.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති හිරු, සඳු හා ග්රහ තාරකා වැනි දැයින් ප්රයෝජනය ලබන්නට ඒවා නුඹලාට වසඟ කර තිබීමත් මහපොළොවේ ඇති සතා, සිව්පාවා, ගහකොළ පැලෑටී වැනි දෑ වසඟ කර තිබීමත් අහෝ ජනයිනි! නුඹලා නොදුටුවෙහු ද? ඒවා ගැන අධීක්ෂණය නොකළෙහු ද? හැඩ අලංකාරය, කඩවසම් ස්වරූපය වැනි දෑස ට විද්යාමාන වන ඔහුගේ බාහිර ආශිර්වාදයන් ඔහු නුඹලාට පූර්ණවත් කළේය. එමෙන්ම බුද්ධිය හා දැනුම වැනි ඔහුගේ අභ්යන්තර ආශිර්වාදයන් ද අලංකාරවත් කළේය. මෙම ආශිර්වාද මෙසේ තිබියදී අල්ලාහ්ගෙන් වූ පණිවිඩ වෙත ළඟා වන්නට කිසිදු දැනුමක් හෝ ආලෝකය ගෙන දෙන බුද්ධියක් හෝ අල්ලාහ්ගෙන් පහළ කරන ලද පැහැදිලි පුස්තකයක් හෝ නොමැති ව ඔහුගේ ඒකීයත්වය පිළිබඳ තර්ක කරන්නන් ද මිනිසුන් අතර සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න