සූරා 31 · ජුස් 21
Luqman · 31:15
وَإِنْ جَاهَدَاكَ عَلَىٰ أَنْ تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا ۖ وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ ۚ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්රශීලී ව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසු ව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මම නුඹලාට දන්වමි.
තෆ්සීර්
ඔවුන් දෙදෙනා විසින් පනවන නීතියක් ලෙස අල්ලාහ් නොවන දෑ ඔහුට ආදේශ කිරීම සඳහා ඔවුන් දෙදෙනා නුඹ මත පටවන්නට උත්සාහ කළේ නම් එහිදී නුඹ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. හේතුව මැවුම්කරුට පිටුපා මැවීම්වලට අවනත විය යුතු නොවන බැවිණි. මෙලොවෙහි නුඹ ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කරනු. මව්පිය සම්බන්ධකම් පවත් වනු. උපකාර කරනු. දේව ඒකීයත්වය පිළිගනිමින් හා අවනත වෙමින් මා වෙත යොමු වන්නන්ගේ මාර්ගය පිළිපදිනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනාගේම හැරීම ඇත්තේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා කවර ක්රියාවක් සිදු කරමින් සිටියේ ද ඒ ගැන මම නුඹලාට දැනුම් දෙන්නෙමි. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න