සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:50

فَانْظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසු ව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන්ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ් ආශිර්වාදයක් ලෙස තම ගැත්තන් හට පහළ කළ වර්ෂාවේ බලපෑම දෙස අධීක්ෂණය කර බලනු. මහපොළොව වියළී ගිය පසු ව විවිධ පැලෑටි වර්ග ඒ මත හට ගන්වා එය අල්ලාහ් ජීවමාන කරනුයේ කෙසේ දැයි බලනු. සැබැවින්ම වියළී ගිය පොළොව ජීවමාන කරන්නා මළවුන් ජීවමානව යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහු ව පරාජය කළ නොහැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න