සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:5
بِنَصْرِ اللَّهِ ۚ يَنْصُرُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ
අල්ලාහ්ගේ උදව් ව මගින් ඔහු අභිමත කරන අයට උපකාර කරයි. තවද ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත.
තෆ්සීර්
රෝමවරුන්ට අල්ලාහ් ජය ලබා දීම ගැන ඔවුහු සතුටු වෙති. හේතුව සැබැවින්ම ඔවුන් ආගම් ලත් ජනයා වූ බැවිණි. අල්ලාහ් අභිමත කරන අයට එරෙහිව ඔහු අභිමත කරන වෙනත් අයට ජය ලබා දෙයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ විශ්වාසී ගැත්තන්හට ඔහු මහා කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න