සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:42

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلُ ۚ كَانَ أَكْثَرُهُمْ مُشْرِكِينَ

මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ.

තෆ්සීර්

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා මහපොළොවේ සැරිසරා නුඹලාට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එය නරක අවසානයක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරන්නන් වූහ. ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම හේතුවෙන් ඔවුන් විනාශ කරනු ලැබුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න