සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:19
يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ
ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසු ව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා (මළවුන් කෙරෙන්) බැහැර කරනු ලබනුයේ.
තෆ්සීර්
මිනිසා ව ශුක්රාණුවෙන් ද, කුරුළු පැටියා බිත්තරයෙන් මතු කරන්නාක් මෙන් ද අජීවී දැයින් ජීවී දෑ ඔහු බිහි කරයි. මිනිසාගෙන් ශුක්රාණුව ද කිකිලිගෙන් බිත්තරය ද මතු කරන්නාක් මෙන් ජීවී දැයි අජීවී දෑ ඔහු බිහි කරයි. මහපොළොව වියළී ගිය පසුව වර්ෂාව පහළ කොට ගහකොළ හට ගන්වා එය ජීවමාන කරයි. එසේ මහපොළොවේ පැලෑටි හට ගන්වා එය ජීවමාන කරන්නාක් මෙන්ම විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නුඹලාගේ මිණීවල්වල්වලින් බැහැර කරනු ලබන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න