සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:191
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
ඔවුහු කවරහු ද යත් සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැති වලට ඇල වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපති යාණනි! නුඹ මෙය නිකරුණේ ලෙස නොමැව්වෙහිය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව !
තෆ්සීර්
ඔවුන් වනාහි ඔවුන්ගේ සෑම තත්ත්වයකම ඔවුහු අල්ලාහ් ව මෙනෙහි කරති. ඔවුන් සිට ගෙන සිටිය ද වාඩි වී සිටියද හාන්සි වී සිටියද ඒ සෑම අවස්ථාවකම ඔහුව මෙනෙහි කරති. අහස් හා මහපොළොව මැවීම පිළිබඳ කල්පනාව මෙසේ පවසමින් ක්රියාවට නංවති. ‘අපගේ පරමාධිපතියාණනි, මෙම දැවැන්ත මැවීම ඔබ නිකරුණේ මැව්වේ නැත. පුහුභාවයෙන් ඒ සියල්ල පිරිසිදුය. එහෙයින් දැහැමි කටයුතු කිරීමට අපට ආශිර්වාද කොට නපුරුකම් කිරීමෙන් අප ව ආරක්ෂා කොට නිරයේ දඬුවමින් අප මුදවා ගනු මැනව’!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න