සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:20
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ۚ ثُمَّ اللَّهُ يُنْشِئُ النَّشْأَةَ الْآخِرَةَ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්රථමෝත්පාදනය කළේ කෙසේ දැයි අධීක්ෂණයෙන් බලනු. පසු ව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
තෆ්සීර්
නැවත නැගිටුවනු ලැබීම බොරු කරන්නන්හට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "නුඹලා මහ පොළොවේ සැරිසරා අල්ලාහ් මැවීම් ප්රථමයෙන් උත්පාදනය කර ඇත්තේ කෙසේ දැයි සිතා බලනු. පසු ව අල්ලාහ් මිනිසුන් මිය ගිය පසු යළි අවදිවීමටත්, විනිශ්චයට භාජනය කිරීමටත් දෙවන වතාවට ජීවය ලබා දෙයි. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔවුන්ව ආරම්භයේ මැවීමට අල්ලාහ්ට අපොහොසත් නොවූ පරිදි ම මිනිසුන් යළි අවදි කිරීමට ඔහු අපොහොසත් නොවෙයි."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න