සූරා 28 · ජුස් 20

Al-Qasas · 28:83

تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්‍රිය නොකරන්නන් හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන් හටය.

තෆ්සීර්

සත්යය විශ්වාස කිරීමෙන්, එය පිළිපැදීමෙන් මහ පොළොවේ අහංකාරකම් පෑමට ප්රිය නොකළ, එහි කලහකම් සිදු කිරීමට අපේක්ෂා නොකළවුනට පිරිනමනු ලබන සංග්රහයකින් යුත් සැප පහසුකම් සහිත නිවහනක් බවට එම මතු ලොව නිවහන අපි පත් කරන්නෙමු. ප්රශංසනීය අවසානයකි. එය ස්වර්ගයේ ඇති සුව පහසුකම් හේතුවෙනි. අල්ලාහ්ගේ තෘප්තිය එහි ඇති වනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්හටය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න