සූරා 28 · ජුස් 20
Al-Qasas · 28:73
وَمِنْ رَحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්රිය හා දහවල ඇති කළේය.
තෆ්සීර්
අහෝ ජනයිනි! දහවල් කාලයේ වැඩ කටයුතු වල නිරත වීමෙන් පසු ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය අන්ධකාරය ලෙසත් නුඹලා පෝෂණ සම්පත් සොයා යනු පිණිස දහවල ආලෝකය ලෙසත් පත් කර තිබීම සුවිශුද්ධයාණන්ගේ ආශිර්වාදයකි. එය අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාද වලට කෘතඥ විය හැකි වනු පිණිස හා ඒවාට නුඹලා ගුණමකු නොවනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න