සූරා 28 · ජුස් 20
Al-Qasas · 28:71
قُلْ أَرَأَيْتُمْ إِنْ جَعَلَ اللَّهُ عَلَيْكُمُ اللَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِضِيَاءٍ ۖ أَفَلَا تَسْمَعُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි ඔබ විමසනු.
තෆ්සීර්
අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට පවසනු. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් කිසිදු විසන්ධියකින් තොර ව නුඹලාට රාත්රිය අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් දහවලෙහි ආලෝකය මෙන් ආලෝකයක් නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සාධක වලට නුඹලා සවන් නොදෙන්නෙහු ද? නුඹලා වෙත එය ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?"
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න