සූරා 28 · ජුස් 20

Al-Qasas · 28:32

اسْلُكْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ وَاضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ ۖ فَذَانِكَ بُرْهَانَانِ مِنْ رَبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොර ව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ ඇළපත ඔබ වෙතට ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන්ම ඔවුහු පාපතර පිරිසක් වූහ.

තෆ්සීර්

"ඔබේ කමිසයේ විවෘත ව ඇති ගෙලට පහළින් වූ ප්රදේශය තුළට ඔබේ දකුණත ඇතුළත් කරනු. සමේ රොගයක් මෙන් නොව සුදුවන් ලෙස එය පිටතට එනු ඇත" යැයි පැවසීය. එවිට මූසා එය ඇතුළු කොට එළියට ගත්තේය. පිනි කැට මෙන් සුදුවන් ලෙස එය එළියට ආවේය. "ඔබේ බිය තුරන් වීම සඳහා ඔබේ අත ඔබ වෙත ළං කර ගනු." යැයි පැවසීය. මූසා තමන් වෙත එය ළං කර ගත්තේය. එවිට ඔහුගෙන් බිය පහ ව ගියේය. "සඳහන් කරනු ලැබූ ‘සැරයටිය හා අත’ යන කරුණු දෙක නුඹේ පරමාධිපති වෙතින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන් වෙත එවන ලද සාධක දෙකකි. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අල්ලාහ්ට අවන වීමෙන් බැහැර වූ පිරිසක් වූවෝය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න