සූරා 24 · ජුස් 18

An-Nur · 24:45

وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِنْ مَاءٍ ۖ فَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ بَطْنِهِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ أَرْبَعٍ ۚ يَخْلُقُ اللَّهُ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේය. එනම් ඔවුන් අතුරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතුරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතුරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

තෆ්සීර්

මහපොළොවේ ඇවිද යන සියලුම සත්වයින් ශුක්රාණු බිඳුවෙන් අල්ලාහ් මැව්වේය. ඒ අතරින් සර්පයින් වැනි උදරය මත ගමන් කරමින් බඩගා යන සතුන් ද වෙති. මිනිසුන් පක්ෂීන් මෙන් දෙපා මත ගමන් කරන සතුන් ද වෙති. එමෙන්ම ගොවිපළ සතුන් මෙන් පාද හතරින් ගමන් කරන සිවුපාවුන් ද වෙති. සඳහන් කරන ලද හා සඳහන් කරනු නොලැබූ දැයින් අල්ලාහ් අභිමත කරන දෑ ඔහු මවයි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහු ව පරාජය කළ නොහැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න