සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:67
لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ ۚ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًى مُسْتَقِيمٍ
සෑම සමූහයකටම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමග ගැටලු ඇති කර ගත නොයුතුය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය.
තෆ්සීර්
සෑම සමූහයකටම අපි පිළිවෙතක් ඇති කළෙමු. ඔවුන්ගේ පිළිවෙත අනුව ඔවුන් කටයුතු කරති. එහෙයින් අහෝ දූතය! දේව ආදේශකයින් හා වෙනත් අය නුඹේ පිළිවෙත තුළ නුඹ සමග ගැටුම් ඇති කර නොගත යුතුයි. සැබැවින්ම ඔවුන් ව්යාජත්වයේ සිටින බැවින් නුඹ ඔවුනට වඩා සත්යයෙන් උසස්ය. අල්ලාහ්ට පමණක් ඒකීයත්වය අවංකව පුද කිරීම සඳහා නුඹ ජනයාට ඇරයුම් කරනු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය මත සිටින්නෙහිය. එහි කිසිදු ඇදයක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න