සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:27
وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ
තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි.
තෆ්සීර්
ඉදි කිරීමට අප නුඹට නියම කළ මෙම නිවස කරා වන්දනාවේ පැමිණෙන මෙන් නුඹ ජනයා අතර ඇරයුම් කරනු. ඔවුහු පා ගමනින් ද ගමනේදී දුෂ්කරතා උසුළන සැහැල්ලු ඔටුවන් මත ප්රවාහනිකවද පැමිණෙනු ඇත. සෑම දුර් මාර්ගයක සිටම ඔවුන් උසුලාගෙන එම ඔටුවන් ඒ වෙත පැමිණෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න