සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:94

قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ

“අල්ලාහ් අබියස ජනයාගෙන් තොර ව නුඹලා ට පමණක් පරලොව නිවහන වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි පවසනු

තෆ්සීර්

අහෝ යුදෙව්වනි, මතුලොවෙහි නුඹලාට පමණක් ස්වර්ගය වී නුඹලා හැර වෙන කිසිවකු එහි නොපිවිසෙනු ඇතැයි නුඹලා පවසන්නේ නම් නුඹලා මරණයට ආශා කරනු. එය නුඹලා සොයා යනු. ඉතා ඉක්මණින්ම එම තත්ත්වය නුඹලා ලබනු ඇත. නුඹලා වාදකරන මෙම කරුණෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙලොව ජීවිතයේ නුඹලා උසුලන බරින් හා දුකෙන් නුඹලා නිදහස් වන්නට පතනු. යැයි අහෝ නබිවරය! ඔබ යුදෙව්වන්හට පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න