සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:87

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِنْ بَعْدِهِ بِالرُّسُلِ ۖ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ ۗ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ

තව ද නියත වශයෙන් ම අපි මූසා ට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තව ද ඔහුගෙන් පසු ව ධර්ම දූත යින් ව අනුපිළිවෙළින් යැව්වෙමු. තව ද මර්යම් ගේ පුත් ඊසා ට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තව ද පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නොකරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහුය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහුය.

තෆ්සීර්

අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. එතුමාගේ පා සටහන් මත ඔහුගෙන් පසු තවත් දහම් දූතවරු ඔහුට පරව එවීමු. මර්යම්ගේ පුත් ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඔහුගේ සත්යය භාවය තහවුරු කරනු වස් මිය ගිය ඇත්තන් යළි අවදි කිරීම, උපතින්ම අන්ධ අය සුව කිරීම, සුදුකබර කළු කබර වැනි කුෂ්ඨ රෝග සුව කිරීම වැනි පැහැදිලි ප්රාතිහාර්යයන් හා සංඥා අපි පිරිනැමුවෙමු. ජිබ්රීල් නම් මලක්වරයා විසින් අපි ඔහු බල ගැන්වූයෙමු. නමුත් ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ ආශාවන්ට නොගැළපෙන යමක් අල්ලාහ් වෙතින් යම් දහම් දූතයකු ගෙන ආ සෑම අවස්ථාවකම නුඹලා සත්යය හෙළා දැක හිතුවක්කාර ලෙස කටයුතු කළෙහුය. නුඹලා අල්ලාහ්ගේ එම දූතවරු ප්රතික්ෂේප කළෙහුය. නුඹලා පිරිසක් බොරු යැයි පැවසූ අතර තවත් පිරිසක් මරා දැමූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න