සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:54

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَىٰ بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

තව ද අහෝ මූසා! අප අල්ලාහ් ව එළිමහනේ දකින තුරු ඔබ ව අප විශ්වාස නොකරන්නේ ම යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දීම අකුණු සැර නුඹලා ව ග්‍රහණය කළේය.

තෆ්සීර්

එමෙන්ම මේ ආශිර්වාදය ගැනත් සිතා බලනු. වසුපැටවා නැමදුම් කිරීමේ වරද වෙනුවෙන් නුඹලා කළ පශ්චාත්තාපයට සරිලන පරිදි නුඹලාට අල්ලාහ් පාපක්ෂමා ක්රමවේදයක් ඉදිරිපත් කළේය. එනම්, මූසා අලයිහිස් සලාම් නුඹලා දෙස බලා: ‘සැබැවින්ම නුඹලා නමදින්නට වසුපැටවා දෙවියෙකු ලෙස ගැනීමෙන් නුඹලා නුඹලාටම අපරාධ කර ගත්තෙහුය. එහෙයින් නුඹලා පව්සමාව අයැද නුඹලාගේ මැවුම්කරු වෙත හැරෙනු. එය නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීම තුළිනි. නිරා ගින්නේ සදාතනකි බවට පත් කරලීමේ ප්රතික්ෂෙපය තුළ තවදුරටත් නිරතවීමට වඩා මෙවැනි ක්රමයකින් පාපක්ෂමාව පැතීම නුඹලාට උතුම් වනු ඇත. අල්ලාහ්ගෙන් වූ භාග්යයක් හා උපකාරයක් වශයෙන් නුඹලා එය ක්රියාත්මක කරනු. එවිට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. ඔහු පාපක්ෂමාව පිළිගෙන අධික වශයෙන් සමාව දෙන්නාය. එමෙන්ම ඔහුගේ ගැත්තන් කෙරෙහි මහත් කරුණාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න