සූරා 2 · ජුස් 3
Al-Baqarah · 2:271
إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ ۚ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
නුඹලා සදකාවන් හෙළි කරන්නේ නම් එවිට එය යහපත්ය. තවද නුඹලා එය සඟවා දිළින්ඳන්ට පිරිනැමුවේ නම් එවිට එය ද නුඹලාට උතුම්ය. එය නුඹලාගෙන් නුඹලාගේ පාපයන් පහ කරවයි. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
තෆ්සීර්
සදකා වශයෙන් නුඹලා වියදම් කරන ධනය නුඹලා විසින් ප්රසිද්ධියේ පිරිනමන්නේ නම් එම සදකා ව යහපතකි. එසේම නුඹලා එය රහසිගතව දුගී දුප්පතුන්හට පිරිනැමුවේ නම් එය එළිපිට ප්රසිද්ධියේ පිරිනමන දානයට වඩා උතුම් වන්නේය. ඊට හේතුව එය ඉහඃලාස් හෙවත් චිත්ත පාරිශුද්ධියට වඩාත් සමීප වන බැවිණි. අවංක චේතනාවකින් යුතු ව පිරිනමන සදකාවන්හි තමන්ගේ පාපයන්ට ආවරණයක් හා පාප ක්ෂමාවක් ඇත්තේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ තත්ත්වයන් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න