සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:269

يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙන කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය.

තෆ්සීර්

ප්රවේසමෙන් කතා කිරීමේ හා කටයුතු වල නිරත වීමේ ප්රඥාවන්තභාවය අල්ලාහ් තමන් කැමති ගැත්තන්හට පිරිනමයි. කවරෙකුට එය පිරිනමනු ලැබුවේද ඔහුට අධික යහපත පිරිනමනු ලැබීය. අල්ලාහ්ගේ අලෝකයෙන් ආලෝකය ලැබ ඔහුගේ මග පෙන්වීමෙන් මග ලැබ පූර්ණ ප්රඥාවලෝකයෙන් හෙබි අය හැර වෙනත් කිසිවෙකු ඔහුගේ වදන් හා සංඥා තුළින් උපදෙස් නොලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න