සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:258

أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ ۖ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

ඉබ්‍රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ජීවය දෙන්නෙමි. මරණයට ද පත් කරන්නෙමි යැයි පැවසුවේය. (ඔහු ගැනද එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්‍රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ නොපෙන් වන්නේය.

තෆ්සීර්

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ පරමාධිපත්යය හා ඔහුගේ ඒකීයභාවය පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග තර්ක කළ දුෂ්ට පාලකයාගේ අපරාධයේ තරම හා පුදුමය නුඹ දුටුවේද? එසේ ඔහු ඒ තත්ත්වයට පත් වූයේ අල්ලාහ් ඔහුට රාජ්ය බලය පිරිනැමුවායින් පසු ඔහු සීමාව ඉක්මවා ගිය බැවිණි. අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු දෙස බලා: ‘මාගේ පරමාධිපතියාණන් සියලු මැවීම් වලට ජීවය දෙයි. මරණයට පත් කරයි” යනුවෙන් පැහැදිලි කළේය. එවිට දුෂ්ටයා හිතුවක්කාර ලෙසින්: ‘මම ද ජීවය දෙමි. එමෙන්ම මරණයට පත් කරමි. මම කැමති අය ව ඝාතනය කරමි. මම කැමති අය ව අතහැර දමමි.’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු වෙත තවත් සාධකයක් ගෙන ආවේය. එතුමා ඔහුට: ‘මම නමදින මාගේ පරමාධිපති හිරු නැගෙනහිර දෙසින් උදා කරන්නේය. ඔබ එය බටහිර දෙසින් ගෙන එනු' යැයි පවසා සිටියේය. එවිට ඔහු වික්ෂිප්ත වී නිහඬ වීම හැර වෙනත් කිසිවක් කරකියාගත නොහැකි විය. සාධකයේ බලවත්කම ඔහු අබිබවා ගියේය. අල්ලාහ් අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධකම් හා දුෂ්ටකම් හේතුවෙන් ඔහුගේ මාර්ගයේ ගමන් කරන්නට ආශිර්වාද නොකරන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න