සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:25

وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا ۙ قَالُوا هَٰذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ ۖ وَأُتُوا بِهِ مُتَشَابِهًا ۖ وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَهُمْ فِيهَا خَالِدُونَ

තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුන ට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇත යැයි සුබාරංචි දන්වනු. එහි පලතුරු වලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තව ද එකිනෙක ට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තව ද ඔවුනට එහි පිවිතුරු සහකාර අයවලුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

තෆ්සීර්

පෙර සඳහන් අවවාද දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ඉදිරිපත් කොට දැන් නබිවරයා අමතා: අහෝ නබිවරය, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රිය කළවුන් හට ඔවුන් සතුටු කරවන ස්වර්ග උයන් හා ස්වර්ග වෘක්ෂලතා යටින් ගංගා ගලා බස්නා උසන් ඇති බව ශුභාරංචි දන්වා සිටින්න. ආහාරය සඳහා ඔවුනට නැවුම් පළතුරු පිරිනමනු ලබන සෑම කල්හිම ඒවා මෙලොව පලතුරුවලට බෙහෙවින් සමාන වන බැවින් “මීට පෙර අප වෙත ආහාර වශයෙන් දෙනු ලැබූවේ මේ හා සමාන පලතුරු යැ”යි පවසනු ඇත. මෙලොව තමන් හඳුනා ගත් පළතුරු වර්ග අතුරින් හැඩයෙන් හා නාමයෙන් ඒවාට සමාන දෑ ඔවුනට පිළිගන්වනු ලැබේ. නමුත් ඒවා රසයෙන් හා සුවයෙන් විවිධය. ලෝ වැසියන් අතර හැඩ ගැන් වූ ස්වභාවික කිලිටිවලින් බැහැර වූ ද මිනිස් ආත්මයක් ස්පර්ශ නොකළා වූ ද එවන් සියලු අඩුපාඩුවලින් නිදොස් වූ කලත්රයන් ස්වර්ගයේ ඔවුනට ඇත. මෙලොව පවතින තාවකාලික සැපතට එහායින් ගිය නිමක් නැති සදා සැපත එහි ඔවුනට ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න