සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:249
فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُمْ بِنَهَرٍ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَنْ لَمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ ۚ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ ۚ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
තාලූත් සේනාව සමඟ පිටත් ව ගිය කල්හි සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලා ව පරීක්ෂාවට පත් කරන්නේය. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය. කවරෙක් එහි සුවය නොවින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. නමුත් තම දෑතින් අහුරක් අහුරා ගත් අය හැර යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝය. ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත යැයි පැවසුවෝය. තම පරමාධිපති ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් අබිබවා ගොස් ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය යැයි පැවසුවෝය.
තෆ්සීර්
තාලූත් තම සේනාව සමග ගමින් පිටත් ව ගිය කල්හි ඔහු ඔවුන් දෙස බලා: සැබැවින්ම අල්ලාහ් නුඹලා ගංගාවකින් පරීක්ෂා කරනු ඇත. කවරෙකු එයින් පානය කරන්නේද ඔහු මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකු නොවෙයි. ඔහු යුද්ධයේදී මා සමග සහභාගී නොවිය යුතුය. කවරෙකු එයින් පානය නොකළේද ඔහු සැබැවින්ම මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකි. යුද්ධයේදී ඔහු මා සමග සහභාගී වනු ඇත. නමුත් කවුරුන් හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත තම අතින් අහුරක් තරම් පාණක් පානය කරන්නේද ඔහු කෙරෙහි වරදක් නැත. දැඩි පිපාසයත් සමග ජලය පානය නොකර ඉවසීමෙන් සිටි ස්වල්ප දෙනෙකු හැර සේනාවේ සෙසු අය ඉන් පානය කළෝය. තාලූත් හා ඔහු සමග සිටි ඔහු ව විශ්වාස කළවුන් ගංගා ව තරණය කළ කල්හි ඔහුගේ සේනාවෙන් තවත් පිරිසක් ‘අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමග සටන් කිරීමට අපහට ශක්තියක් නොමැතැයි පවසා සිටියෝය. ඒ අවස්ථාවේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ව හමුවන්නේම යැයි තරයේ විශ්වාස කළවුන්: අල්ලාහ්ගේ අනුබලයෙන් හා උදව්වෙන් සංඛ්යාවෙන් අඩු දෙවියන් විශ්වාස කරන කොපමණ සුළු සේනාවන්, සංඛ්යාවෙන් වැඩි දෙවියන් ප්රතික්ෂේප කළ මහා සේනාවන් කොපමණක් අබිබවා ගොස් ජය ගෙන ඇත්දැ’යි පවසා සිටියේය. ජයග්රහණය යනු දේව විශ්වාසය මත පදනම් වූවක් මිස අධිකත්වය පදනම් කරගනිමින් ඇති නොවන්නක් බව මෙහි අපට පෙන්වා දෙන පාඩමයි. අල්ලාහ් තම ගැත්තන් අතර ඉවසලිවන්තයින් සමග සිටියි. ඔහු ඔවුන් ස්ථාවර කරයි. ඔවුනට උපකාර කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න