සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:247

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوا أَنَّىٰ يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِنَ الْمَالِ ۚ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ ۖ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

තවද සැබැවින් ම අල්ලාහ් තාලූත් ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. අප ඔහුට වඩා පාලනය කිරීමට සුදුස්සන් ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නොලැබ සිටිය දී අප වෙත පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැයි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතර ව ලබා දී ඇත්තේය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය.

තෆ්සීර්

ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘සැබවින්ම නුඹලා තාලූත්ගේ යටතේ සටන් කිරීම සඳහා නුඹලාට රජකු ලෙස අල්ලාහ් ඔහු පත් කර ඇත’ යැයි පැවසීය. නමුත් එම තේරීමට විරුද්ධතාව පල කරමින් එයට පිටුපාමින් ඔවුන් අතර සිටි ප්රභූවරු: ‘අප පාලනය කරන්නට ඔහුට බලය හිමිවිය හැක්කේ කෙසේද? එම පාලනයට ඔහුට වඩා සුදුස්සෝ වන්නේ අපමය. වෙනත් රජ දරුවන් මෙන් ඔහු නැත. තම රාජ්ය පාලනයට උදව් වනු වස් විශාල ධනයක් ඔහුට පිරිනමා නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුන්ගේ නබිවරයා: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා දී ඇත. ඔහුගේ දැනුමේ පුළුල් බව හා ශරීර ශක්තිය ඔහුට වර්ධනය කොට දී ඇත. අල්ලාහ් තම කරුණාව හා ප්රඥාව තුළින් තමන් අභිමත කරන අය වෙත රාජ්ය පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ඔහු කැමති අයට එම භාග්යයන් පිරිනමනු ඇත. මැවීම් අතර එම භාග්යයයට වඩාත් සුදුස්සන් කවුරුන්දැයි ඔහු මැනවින් දන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න