සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:243

۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස් වලින් බැහැර ව ගියවුන් දෙස නුඹ නොබැලුවෙහි ද? එවිට නුඹලා මිය යනු යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේය. පසු ව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. නමුත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නොවෙති.

තෆ්සීර්

අහෝ! නබිවරය, ඔවුන් බහුතර පිරිසක්ව සිටියදී වසංගතය හේතුවෙන් හෝ වෙනත් කාරණාවක් හේතුවෙන් මරණයට බියෙන් තම නිවෙස් වලින් පිට ව ගියවුන්ගේ තොරතුරු ඔබේ දැනුමට නොලැබුණේද? ඔවුන් ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසකි. අල්ලාහ් ඔවුනට "නුඹලා මියැදෙනු" යැයි පැවසීය. එවිට ඔවුන් මියැදුණෝය. පසු ව ඔහු ඔවුනට යළි ප්රාණය දුන්නේය. එය සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔවුන් විසින් ඔවුනට පවා කිසිදු සෙතක් හෝ හිංසනයක් සිදු කළ නොහැක, සැබැවින්ම අල්ලාහ් මහත් පරිත්යාග ශීලීය, මිනිසුන්ට් ඔහු ආශිර්වාද කරන්නාය යන්න ඔවුන්හට වටහා දෙනු පිණිසය. නමුත් මිනිසුන් අතර බහුතරයක් දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥ නොවෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න