සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:239
فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا ۖ فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ
නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනික ව හෝ (සලාතය ඉටු) කළ යුතුය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහු ව නුඹලා මෙනෙහි කරනු.
තෆ්සීර්
සතුරන් හේතුවෙන් හෝ ඒ හා සමාන වෙනත් හේතුවෙන් බියට පත් ව පූර්ණ පිළිවෙලට සලාතය ඉටු කිරීමට නුඹලාට නොහැකි වී නම් නුඹලා පා ගමනින් හෝ ඔටු අශ්වයින් හෝ ඒ හා සමාන වාහනයක් මත ප්රවාහනය කරමින් හෝ හැකි කවර අයුරකින් හෝ නුඹලා සලාතය ඉටු කරනු. නුඹලාට බිය පහ ව ගියේ නම් නුඹලාට ඉගැන් වූ පරිදි නුඹලා අල්ලාහ්ව මෙනෙහි කරනු. සලාතයේදී පූර්ණ ලෙස දික්ර් හෙවත් මෙනෙහි කිරීම් කරනු. එයද එවන් මෙනෙහි කිරීම් වලින් එකකි. එමෙන්ම නුඹලා අලෝකය හා මග පෙන්වීම නොදැන සිටියෙහුය. ඔහු එය නුඹලාට ඉගැන් වීය. එහෙයින් ඒ ගැන ද නුඹලා සිහිපත් කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න