සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:229

الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

දික්කසාදය දෙමුරයකි. ඉන් පසුව යහපත් අයුරින් රඳවා ගැනීම හෝ කාරුණික අයුරින් මුදවා හැරිය යුතුය. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි දෙදෙනාම බිය වෙතොත් මිස ඔවුනට පිරිනැමූ කිසිවකින් නුඹලා නැවත ගැනීම නුඹලාට අනුමත නොවේ. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි නුඹලා බිය වෙතොත් එවිට ඇය ඔහුට යමක් වන්දි වශයෙන් ලබා දීම නුඹලා කෙරෙහි වරදක් නොවන්නේය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. ඒවා ඉක්මවා නොයනු. එවිට ඔවුහුමය අපරාධකරුවෝ වන්නෝ.

තෆ්සීර්

පළමු වර දික්කසාදයෙන් පසු සැමියා තම බිරිය නැවත ගෙන්වා ගැනීමේ අවසරය; දික්කසාද වාර දෙකක් තුළ හිමි වන්නේය. එනම්: වරක් දික්කසාද කොට නැවත ගෙන්වා ගෙන, නැවතත් දික්කසාද කොට නැවත ගෙන්වා ගෙන, එසේ වාර දෙකක් දික්කසාද කොට, යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා සැමියාගේ භාරයේ ඇය රඳවා ගත යුතුය. එසේ නැතහොත් ඇයගේ වගකීම් ඉටු කරමින් ඇයට යහපත සලසමින් තුන්වන වරද දික්කසාද කොට වෙන් විය යුතුය. අහෝ ස්වාමි පුරුෂයිනිි! නුඹලාගේ බිරියන් සඳහා නුඹලා පිරිනැමූ මහරයෙන් කිසිවක් ගැනීම නුඹලාට අනුමත නැත. නමුත් සැමියාගේ චරිතය හෝ හැඩරුව හේතුවෙන් ඔහු ව පිළිකුල් කරන කාන්තාවක් වී නම් මිස. මෙම පිළිකුල හේතුවෙන් තම තමන්ට පැවරුණු මෙම වගකීම ඉටු කිරීමට නොහැකි වනු අතැයි සිතන්නේ නම් ඔවුන් දෙදෙනාගේ කටයුතු ඔවුන් දෙදෙනාට සමීප ඥාතියකු වෙත හෝ වෙනත් අය වෙත හෝ භාර කළ යුතුය. එම භාරකරුවන් අඹුසැමි වගකීම් ඔවුන් දෙදෙනා අතර ඉටු නොවනු ඇතැයි බිය වන්නේ නම්, ඇයගේ වෙන් වීමට සරිලන පරිදි සැමියා වෙත යම් වන්දි මුදලක් පිරිනමා බිරිය ඔහුගෙන් ඉවත් කිරිම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. මෙම ආගමික නීති රීති හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් කරුණු අතර වෙන්කර දක්වන්නකි. එබැවින් ඒ්වායෙහි සීමාවන් ඉක්මවා නොයා යුතුය. හලාල් හා හරාම් අතර අල්ලාහ් පනවා ඇති සීමාවන් ඉක්මවා යන්නේ කවරෙකු ද එවිට ඔවුහුමය තමන් විසින්ම විනාශය ළඟා කර ගත් අපරාධකාරයා වන්නේ. අල්ලාහ්ගේ කෝපයට හා ඔහුගේ දඬුවමට එය හේතුවක් වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න