සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:210

هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ وَقُضِيَ الْأَمْرُ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද පැමිණ කාරණාව තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.

තෆ්සීර්

සත්යයෙන් නැඹුරු වී ෂෙයිතාන්ගේ මග පිළිපදින්නන් වන මොවුහු අපේක්ෂා කරනුයේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තියෙන් පිරුණු සුවිශුද්ධ අල්ලාහ් සමග සම්බන්ධ යමක් ඔවුන් අතරට අල්ලාහ් ගෙන ඒමය. එනම් ඔවුන් අතර තීන්දු දෙනු පිණිස ඔහු වලාකුළු හෙවණැලි අතරින් පැමිණ, සෑම දෙසකින්ම ඔවුන් පිරිවරාගෙන මලක්වරුන් ඔවුන් වෙත පැමිණ ඒ අවස්ථාවේ ඔවුන් අතර අල්ලාහ්ගේ තීන්දුව ක්රියාත්මක කරනු ලැබ එය අවසන් කිරීමය. සියලු මැවීම්හි කටයුතු හා ඔවුන්ගේ සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත පමණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න