සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:199
ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
ජනයා (බැහැර වී) ගලා එන පරිදි ම නුඹලා ද ගලා එනු. තවද අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
තෆ්සීර්
අරෆාවෙහි රැඳී නොසිටින ඇතැම් අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් නොව ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළ ජනයා සිදු කරන්නාක් මෙන් අරෆාහි රැඳී සිට පසුව ඉන් ඉවත් ව යනු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කිරීමෙහි සිදු වූ අඩුපාඩු සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගෙන් පාප සමාව අයැද සිටින තම ගැත්තන් ප්රිය කරන්නේය. ඔහු ඔවුන් වෙත මහා කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න