සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:196

وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ ۚ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۖ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ ۚ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ ۚ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۚ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ۗ ذَٰلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප (පරිත්‍යාග) කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වනු ලැබූ බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වී එවිට යමෙක් උම්රා ඉටු කර හජ් දක්වා ඉහ්රාමයෙන් තොරව සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා ! එය ශුද්ධ මස්ජිදය අවට (මක්කාහ්වෙහි) වාසය කරන වැසියන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු.

තෆ්සීර්

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හජ් හා උම්රා පූර්ණ ව ඉටු කරනු. යම් කිසි රෝගාබාධයකින් හෝ සතුරු උවදුරකින් හෝ ඒ දෙක පූර්ණ ව ඉටු කිරීමෙන් නුඹලා වළක්වනු ලැබුවේ නම් එහිදී නුඹලා ඉහ්රාමයෙන් ඉවත් වන බැවින් නුඹලාට කැප කිරීමට පහසු ඔටුවෙකු හෝ ගවයකු හෝ එළුවෙකු හෝ කපා හැරීම නුඹලා කෙරෙහි පැවරෙන වගකීමක් වනු ඇත. සත්වයා කපා හරින්නට සුදුසු ස්ථානය වෙත එම සත්වයා ළඟා වන තෙක් නුඹලාගේ හිසකෙස් අඩු හෝ මුඩු නොකරනු. නුඹලා හරම් සීමාව තුළ වළක්වනු ලැබුවේ නම් වළක්වනු ලැබූ කවර ස්ථානයක හෝ සත්වයෙකු කපා හරිනු. හරම් සීමා නොවන වෙනත් තැනක වළක්වනු ලැබුවේ නම් අවුරුදු දින හෝ ඉන් පසු ඇති අය්යාමුත් තෂ්රීක් දිනයන්හි හරම් සීමාව තුළ සත්වයකු කපා හරිනු. නුඹලා අතර යමෙකු රෝගී හේතුවෙන් හෝ උකුණන් පොඩු වැනි දෑ හිසෙහි ඇති වන රෝගී හේතුවෙන් හෝ හිස මුඩු ගාන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඒ වෙනුවෙන් ෆිද්යා හෙවත් වන්දියක් පිරිනැමිය යුතුය. එනම් දින තුනක් උපවාසයේ නිරත වීම හෝ හරම් සීමාව තුළ සිටින දිළිඳුන් හැට දෙනෙකුට ආහාර සැපයීම හෝ එළුවෙකු කපා හරම් සීමාව තුළ සිටින දුගියන්ට බෙදා හැරීමයි. නමුත් මෙවන් බාධක වලින් ඉවත් ව නුඹලා කිසිදු බියකින් තොර ව සිටියදී හජ් සමයේ තමත්තුඃ ක්රමයට උම්රා ඉටු කරන්නට අපේක්ෂා කරන්නේ නම් එම වසරේ හජ් සඳහා ඉහ්රාම් අඳින තෙක් ඉහ්රාම් හි තහනම් කරනු ලැබූ දෑ තවදුරටත් පිළිපැදිය යුතුය. නමුත් එය කඩ කොට භුක්ති වින්දේ නම් ඔහුට පහසු අයුරින් එළුවෙකු හෝ සත් දෙනෙකු ඒකතු වී එක් ඔටුවෙකු හෝ හරකෙකු හෝ කපා හැරිය යුතුය. එසේ සත්ව කැපයක් ලබා දීමට හැකියාවක් නොමැති විටෙක ඒ වෙනුවට වන්දනා කාලය තුළ දින තුනක් ද තම නිවස බලා නැවත පැමිණි පසු දින හතක් ද යනාකාරයෙන් සම්පූර්ණ වශයෙන් දින දහයක් උපවාසයේ නිරත විය යුතුය. සත්ව කැපකිරීම අනිවාර්යය කරන නැතහොත් එය පිරිනැමීමට නොහැකි වූ විට උපාවසය අනිවාර්යය කරන මෙම තමත්තුඃ ක්රමය හරම් සීමාව තුළ වාසය කරන්නන්හට නොව එම සීමාවෙන් පිටත වාසය කරන්නන් හා එම සීමාවට සමීපයෙන් පදිංචි ව සිටින්නන්හටය. හේතුව හරම් හි පදිංචිකරුවන් එම සීමාව තුළ සිටින විට තමත්තුඃ කිරීමේ අවශ්යතාවක් ඔවුනට නැත. උම්රා සමගම හජ් දක්වා තමත්තුඃ කිරීම වෙනුවට පොදුවේ තවාෆ් කිරීම ඔවුනට ප්රමාණවත් වන්නේය. අල්ලාහ් ආගමානුගත කළ දෑ පිළිපදිමින් නුඹලා ඔහුට බැතිමත් වනු. ඔහුගේ සීමාවන්ට ගරු බුහුමන් කරනු. ඔහුගේ නියෝගය පිටුපාන්නන්හට සැබැවින්ම ඔහු දැඩි සේ දඬුවම් කරන බව දැන ගනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න