සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:178
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى ۖ الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنْثَىٰ بِالْأُنْثَىٰ ۚ فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ۗ ذَٰلِكَ تَخْفِيفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌ ۗ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ
අහෝ විශ්වාස කළවුනි ! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්රතිචාර දැක්වීම ඔබලාට නියම කරනු ලැබ ඇත. ස්වාධීනයෙකු ස්වාධීනයෙක් වෙනුවෙන් ද වහලෙකු වහලෙක් වෙනුවෙන් ද ස්ත්රියක් ස්ත්රියක වෙනුවෙන් ද (සමප්රතිචාරය) විය යුතුය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි. නමුත් කවරෙකු ඉන් පසුව සීමාව ඉක්මවා යන්නේ ද එවිට ඔහුට වේදනීය දඬුවම ඇත.
තෆ්සීර්
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ගේ චරිතය පිළිපැද්දවුනි, උවමනාවෙන් හා සතුරුකමින් සෙසු අය විසින් ඝාතනය කරනු ලැබූවන් විෂයයෙහි, එසේ ඝාතනය කරනු ලැබූ අයට සමාන දඬුවම ඝාතකයාට ද ක්රියාත්මක කිරීම නුඹලා වෙත අනිවාර්යය කරන ලදී. එනම් නිදහස් පුද්ගලයා වෙනුවෙන් නිදහස් පුද්ගලයා ඝාතනය කරනු ලැබීමත්; වහලා වෙනුවෙන් වහලා ඝාතනය කරනු ලැබීමත්; කාන්තාව වෙනුවෙන් කාන්තාව ඝාතනය කරනු ලැබීමත් වේ. ඝාතනය ලක් වූ පුද්ගලයා තම මරණයට පෙර ඝාතකයාට සමාව දුන්නේ නම් හෝ ඝාතනය ලක් වූ පුද්ගලයාගේ භාරකරු ඔහුට සමාව දුන්නේ නම් හෝ දියත් හෙවත් වන්දි ගෙවීමේ නීතිය ක්රියාත්මක වේ. (එනම් නිශ්චිත ප්රමාණයක් ඝාතකයා විසින් මරුමුවට පත් අය වෙනුවෙන් සමාව දුන් පුද්ගලයාට පිරිනැමීමයි.) ඒ අනුව සමාව දුන් පුද්ගලයා වන්දි ඉල්ලා සිටීමේ දී ඝාතකයාට කළ උපකාරය කියා පෑමකින් හෝ ඔහුට පීඩාවක් ඇති කිරීමෙන් තොරව යහපත් ලෙස ඔහු සමග කටයුතු කළ යුතුය. එමෙන්ම ඝාතකයා ද කිසිදු ප්රමාදයකින් හෝ දිග් ගැස්සීමකින් තොරව උපකාරශීලී ව වන්දි මුදල පිරිනැමිය යුතුය. එසේ සමාව දී වන්දි භාර ගැනීම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත ලබා දී ඇති සහනයකි. මෙම සමූහයා වෙත ඔහු දැක් වූ දයාවකි. සමාව දී වන්දි භාරගත් පසුව ඝාතකයා සම්බන්ධයෙන් යමෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ නම් එවිට ඔහුට අල්ලාහ්ගෙන් වූ වේදනීය දඬුවමක් ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න